Tuesday, May 7, 2024

General line - 0115112241

ලෝකය උණුසම් කළ රුසියානු භටයින් ආපසු හැරෙයි




යුක්‍රේන දේශ සීමාවේ සිටි තම හමුදා සාමාජිකයින්ගෙන් කොටසක් ආපසු කැඳවූ බව රුසියාව අද පැවසුවා. ඒ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇතැයි බිය ලොව පුරා පැතිර ගොස් ඇති පසුබිමකයි.

කෙසේවෙතත් කොපමණ හමුදා භට පිරිසක් යළිත් කඳවුරු වෙත කැඳවූවාදැයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැහැ. ඒ අනුව මෙම පියවර මගින් බටහිර රටවල් දක්වන බිය කොතෙක් දුරට පහව යාදැයි කිව නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු භටයින් ලක්ෂයකට වැඩි පිරිසක් යුක්‍රේන දේශ සීමා අසලට කැඳවීමත් සමඟයි ඒ සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතාබහක් මතුවුණේ. රුසියානු භටයින් පිරිසක් ආපසු කැඳවූ බව පැවසුවත් ලබන ඉරිදා බෙලරුස් රාජ්‍යය සමඟ එක්ව රුසියාව දැවැන්ත යුධ අභ්‍යාසයක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.