Thursday, May 2, 2024

General line - 0115112241

රුසියානු හමුදාව ස්වාධීන රාජ්‍යයන් ඇතුළට 




රුසියාව විසින් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගත් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවලට ඇතුලුවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය හමුදාවන්ට නියෝග කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු හමුදා වාහන යුක්‍රේන දේශ සීමා දෙසට ගමන් කරන අයුරු ද පෙනෙන්නට ඇති බවයි. එම කලාප දෙකේ සාම සාධක කටයුතු සිදුකරන බව රුසියාව දැනටමත් ප්‍රකාශ කර අවසන්. කෙසේවෙතත් බටහිර රටවල් චෝදනා කරන්නේ රුසියාව යුද්ධයකට අරඅදිමින් සිටින බවයි. වහාම රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවිය යුතු බවටයි බි්‍රතාන්‍ය ඇතුලු රටවල් රැසක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ. 

යුක්‍රේන - රුසියා අර්බුධය හේතුවෙන් අද වන විට ලෝක තෙල් මිලද ඉහළ ගොස් තිබෙනවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95 සීමාව ඉක්මවාගොස් ඇත්තේ සියයට 3 ක වැඩිවීමක් ද පෙන්නුම් කරමින්. දේශපාලන විචාරකයින් පවසන්නේ ඉදිරියේදි ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 115 ඉක්මවා යනු ඇති බවයි.