Wednesday, May 1, 2024

General line - 0115112241

ජනපති පුටින් පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකරයි




රුසියානු භූමියෙන් පිටතදී සිය හමුදාවන්  භාවිත කිරිමට අවසර දෙන මෙන් ජනාධිපති ව්‍ලැදිමිර් පුටින් එරට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා තිබෙනවා. 

මේ වන විට රුසියාව විසින් ස්වාධින රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබූ යුක්රේනයට අයත් පළාත් දෙක තුලට මේ වන විට රුසියානු සෙබළුන් දසදහසක් ඇතුල්වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

රුසියානු ජනාධිපතිවරයා මෙලෙස සිය හමුදාවන් රුසියානු භූමියෙන් පිටතදී භාවිත කිරීමට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා සිටින්නේ යුක්රේනය සම්පුර්ණයෙන් ආක්‍රමණය කිරීමේ අරමුණින් බවයි ජාත්‍යන්තර විචාරකයින් උපකල්පනය කර සිටින්නේ.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කරනු ලැබූ ඉල්ලීම් නොසලකා රුසියාව යුක්රේනය සම්බන්ධයෙන් ගනු ලැබූ පියවරට විරෝධය පළකරමින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට මේවන විටත් එම රටවල් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එහි පළමු පියවර වශයෙන් ජර්මනිය විසින් රුසියාව සමග ගිවිසුම් ගතවීමට නියමිතව තිබු Nord Stream 2 ගෑස් නළ මාර්ග ගිවිසුම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් රුසියානු බැංකු 05කට සහ රුසියානු බිලියනපති ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් සම්බාධක පනවනු ලැබ තිබෙනවා.

මේ අතර ඉදිරි පැය කිහිපය තුලදී අමෙරිකාව සහ යුරෝපා කොමිසම විසින් රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට නියමිතව බවයි වාර්තා වන්නේ.