Thursday, May 2, 2024

General line - 0115112241

යුක්‍රේන වැසියන්ට ඕස්ට්‍රේලියාවේ දොර ඇරෙයි 




යුක්‍රේනයේ සිට පැමිණෙන  පුද්ගලයින්ගේ වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී  ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

යුක්‍රේන සම්භවයක් ඇති පුද්ගලයන් 38,000ක් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බවයි සඳහන් වන්නේ. 

එමෙන්ම මේ වන විට යුක්‍රේනය තුළ ඕස්ට්‍රේලියානු පුරවැසියන් 1400 ක් පමණ සිටින බව එරට අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර තිබෙනවා. 

ශිෂ්‍ය වීසා, පවුල් වීසා සහ වෙනත් අය ඇතුළුව දැනට අයදුම්පත් 430 ක් පමණ පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.