Wednesday, May 1, 2024

General line - 0115112241

පකිස්තානයේ ගොවීන් 200 ක් අත්අඩංගුවට




පො‍හොර හිගයට සහ ඉන්ධන මිල ඉහළ යාමට  එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ ගොවීන් 200 ක් පමණ පකිස්තාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ  දින කිහිපයක් තිස්සේ ලාහෝරයේ අඛණ්ඩ විරෝධතාවයක නිරත වී සිටි ඔවුන්ට හදිසි පොලිස් ප්‍රහාරයක් එල්ල වි ඇති බවයි.

මෙහිදී ගොවීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත් 200 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන්.

පොලිස් ප්‍රහාර එල්ල වුවද තම ගැටලුවලට විසදුම් හිමිවනතුරැ ගොවි උද්ඝෝෂණ අඛණ්ඩව පවත්වාගෙන යන බව කිෂන් බෝඩ් පකිස්තාන් නම් එරට ගොවි සංවිධාන එකමුතුවේ උපසභාපති අමුනුල්ලා චට්තා සදහන් කරනවා.

පකිස්තානයේ  ගොවීන් දැඩි  පොහොර හිගයකට මුහුණ දී සිටින අතර එරට ඉන්ධන මිලද පසුගියදා විශාල ලෙස ඉහළ ගියා.

එය ගොවියන්, සුළු ව්‍යාපාරිකයන්, ඇතුළු සමාජයේ සෑම ජන කොටසකටම දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි එරට වාර්තා පවසන්නේ.