Thursday, May 2, 2024

General line - 0115112241

රුසියාවට එරෙහිව සයිබර් ප්‍රහාර මාලාවක්




රුසියාවට එරෙහිව සයිබර් ප්‍රහාර මාළාවක් දියත් කිරිමට "Anonymous" නම් වූ සයිබර් ප්‍රහාරක කණ්ඩායම තීරණය කර තිබෙනවා. 

රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට නියෝග කිරීමත් සමග ඔවුන් මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ.

"Anonymous" කණ්ඩායම විසින් ඊයේ සවස මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇත්තේ ට්විටර් සටහනක් තබමින්ය.

මේ සම්බන්ධයෙන් දැනුම් දී මිනිත්තු 30ක් ගතවීමට පෙර රුසියානු පාලක පක්ෂයට පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනයක් වන RT ආයතයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරිමට "Anonymous" කණ්ඩායම සමත්ව ඇත.

ඉදිරියේදී රුසියාව ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම සයිබර් ප්‍රහාර දියත් කරන බවයි එම හැකර්වරුන් වැඩිදුරටත් අනතුරු අඟවා සිටින්නේ.