Tuesday, April 30, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් බැතිබර දායකත්වයෙන් සිදුකල ‘පිච්චවනේ මහා පුෂ්ප උද්‍යානය’ (PHOTOS)




නෙත් fm රේඩියෝවේ සෙනසුරාදා රාත්‍රි 7ට විකාශය කෙරෙන සිත් නෙත් අසපුව වැඩසටහනේ දායකත්වයෙන් සිදුකල තවත් පුන්‍ය ව්‍යාපෘතියක් පසුගිය සෙනසුරාදා පැවැත්වුනා .

ඒ පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් වූ රුවන්වැලි මහාසෑයට සෑම දිනකම පූජා කිරීමට පිච්ච මල් ලබාගැනීම සදහා පිච්ච උද්‍යානයක් නිර්මාණය කිරීමයි.

මහාසෑය වන්දනා කිරීමට වැඩම කරන ස්වාමින්වහන්සේ ලා වෙනුවෙන් සෑම දිනකම නොමිලේ පිච්චමල් ලබාදීම මෙහි අරමුණයි."පිච්ච වනේ" නම් වූ මේ උද්‍යානයේ පිච්ච පැල 10000ක් සිටුවීමේ අභිමංගල මහා පිංකම  වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වූ පෙබරවාරි 26 වැනිදා පැවැත්වුනා .

ඒ මහා සංඝරත්නය පෙරටුව ,ඉඩම් අමාත්‍ය S Mචන්ද්‍රසේන මැතිතුමා ,යුධහමුදාපති ශවෙන්ද්‍ර සිල්වා ,නෙත්  fm රේඩියෝවේ සභාපති නිහාල් ඈපා සෙනෙවිරත්න මහතා ඇතුළු දසදහස් සංඛ්‍යාත නෙත් ශ්‍රාවක සහභාගිත්වයෙන් .

වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලබන මෙම මහා පිංකම පිලිබද තවත් බොහෝ දේ දැනගන්න සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 7 ට නෙත් fm සෙනසුරාදා සිත් නෙත් අසපුව අහන්න