Monday, April 29, 2024

General line - 0115112241

යුක්රේන - රුසියා පළමු වටයේ සාකච්ජා අවසන්




රුසියානු සහ යුක්රේන නියෝජිතයින් අතර පැවති ද්වි පාර්ශවිය සාකච්ජා මිට සුළු මොහොතකට පෙර බෙලරුස් දේශ සීමාව ආසන්නයේ දී අවසන් වී තිබෙනවා.  

සාකච්ජා සඳහා එක්වූ දුත කණ්ඩායම් අතර දෙපාර්ශවය නැවත තම අගනුවරවල් වෙත ආපසු ගොස් තිබෙනවා.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ගේ උපදේශක Mikhaylo Podolyak සාකච්ඡාවලින් පසුව වාර්තාකරුවන්ට අද දින දෙපාර්ශවය අතර පැවති සාකච්ජා වලදී හුවමාරු වූ අදහස් සම්බන්ධයෙන් අදහස් පළකර සිටියා.

"යුක්රේන සහ රුසියානු නියෝජිතයින් පළමු වටයේ සාකච්ඡා පැවැත්වුණා. දෙපාර්ශවයේ ප්‍රධාන ඉලක්කය වූයේ සටන් විරාමය සහ යුක්රේන භූමියේ සටන් ක්‍රියා අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඇතැම් තීරණ සහ මාතෘකා දෙපාර්ශවයන් විසින් තීරණය කර ඇත. මෙම සාකච්ජාවේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නායකත්වය සමග සාකච්ජා කොට අවසන් තීරණයක් ගෙන ඉදිරි සාකච්ජා වටයක් පැවැත්වීමට දෙපාර්ශවය එකඟතාවය පළකර සිටියා" යැයි යුක්රේන ජනාධිපති උපදේශකවරයා සඳහන් කර සිටියා.

මේ අතර මෙම සාකච්ජා පැවැත්වෙමින් තිබෙන අතර වාරයේදී ද යුක්රේන කිව් අගනුවර ආසන්නයේ දැවැන්ත පිපිරීම් 03ක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.