Monday, April 29, 2024

General line - 0115112241

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට ලබන සතියේ සිට දිරි දීමනාවක්





2020 සහ 2021 මහ කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා හෙක්ටෙයාරයකට  රුපියල් පනස්දාහකට යටත්ව දිරි දීමනාවක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ ලබන සතියේ සිට ගොවීන් ලක්ෂ 11 කට එම දිරි දීමනාව ලබාදෙන බවයි.



ඒ අනුව මහ කන්නයේ වගා කළ ගොවීන්ට මෙවර ආර්ථික වශයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.