Tuesday, April 30, 2024

General line - 0115112241

ජනපතිගෙන් තවත් ගැසට් නිවේදනයක්





“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය මාස 03 කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින්. “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාලය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා. මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය පි්හිටුවනු ලැබුවේ ඉකුත් මස 26 වනදායි. 

රට තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරණ අදහස් හා මතවාද අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කෙරුණා. තවත් පළාත් කිහිපයක ජනතාවගෙන් ඊට අදාළ අදහස් විමසීමට ඇති බවයි එම බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නෙත් නිවුස් වෙත පැවසුවේ.

 

ඒ අනුව ඉදිරි මාස 03 අවසන් වීමට පෙර අදාළ යෝජනාවලිය සකස් කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට පියවර ගන්නා බවද උන් වහන්සේ සඳහන් කළා.