Monday, April 29, 2024

General line - 0115112241

යුක්රේන යුද්ධය ගැන නේටෝ තීරණය ප්‍රකාශයට පත් වෙයි




යුද්ධයක් සඳහා නේටෝ සංවිධානය සූදානම් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පහරදීමට තීරණය කරන්නේ නම් තමන්ට අයත් භූමි සීමාවේ සෑම බිම් අගලක් වෙනුවෙන්ම සටන් වැදීමට නේටෝ සංවිධානය සූදානම් බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළා. 

කෙසේවෙතත් රුසියාව සමග යුද්ධයකට අවතීර්ණ වීමට නේටෝ සංවිධානය අපේක්ෂා නොකරන බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළේ. 

මේ අතර යුක්රේනයේ පිහිටි යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සෙපෝසියා බලාගාරය රුසියානු හමුදාව විසින් අද අත්පත් කර ගෙන ඇතැයි යුක්රේනය තහවුරු කළා. ඒ, රුසියානු හමුදාව විසින් එම බලාගාරය ඉලක්ක කර එල්ල කළ ප්‍රබල ප්‍රහාරවලින් අනතුරුවයි. කෙසේවෙතත් ප්‍රහාර හමුවේ ජීවිත හානි රැසක් වාර්තා වන බව යුක්රේනය පසුව නිවේදනය කළා.