Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණ ජය පාළක භාරතීය ජනතා පක්ෂයට




ලොව විශාලතම ප්‍රාදේශීය මැතිවරණය වන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට පාලක භාරතීය ජනතා පක්ෂය සමත් වුණා. මෙවර මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රාකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 150 ක්. ප්‍රාන්ත සභාවේ ආසන 400 ක් තෝරා පත්කරගැනීම සඳහා අපේක්ෂකයින් තරඟ වැදුණා.

ඒ අතරින් ආසන 274 කම බලය හිමිකරගෙන ඇත්තේ භාරතීය ජනතා පක්ෂයයි. සමාජවාදී පක්ෂයට ආසන 124 ක් හිමිව තිබෙනවා. කෙසේවෙතත් උත්තර් ප්‍රදේශ් ප්‍රානතයේ අවසන් වරට පැවැති මැතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ අඩු ඡන්ද සංඛ්‍යාවක් වීම විශේශත්වයක්.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ලද ජයග්‍රහණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය මැන බැලීමක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව නරේන්ද්‍ර මෝදිට තවත් ධූර කාලයක් සදහා ඉන්දියාවේ බලය ලබා ගැනීමට හැකි වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අමතරව දිල්ලි ප්‍රාන්තයේ සහ තවත් ප්‍රාන්ත 03 ක මැතිවරණය පසුගියදා පැවැත්වුනා. එම ප්‍රාන්තවල ජය ලබා තිබෙන්නේද භාරතීය ජනතා පක්ෂයයි.

කෙසේවෙතත් මෙවර ප්‍රාන්ත මැතිවරණවලදී ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රබල පසුබෑමක් වාර්තා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රාහුල් ගාන්ධිට සහ ප්‍රියංකා ගාන්ධිට චෝදනා එල්ල වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.