Thursday, May 16, 2024

General line - 0115112241

සමගි ජන බලවේග විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට (UPDATE)




ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන කණ්ඩායම් හා ආරක්ෂක අංශ කැදවා ඇති ආකාරය දැකගත හැකි වුණා. 

එක් විරෝධතා පෙළපාලියක් ආරම්භ වූයේ කොළඹ විහාර මහදේවි උද්‍යානයෙන්. අනෙක් විරෝධතාව මාළිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වුණා. 

.........................................................................

සමගි ජන බලවේගයේ විරෝධතාව නිසා මාර්ග කිහිපයක් අවහිර වෙයි

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය මේ වන විට අරඹා ඇති උද්ඝෝෂණය හා විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ කොළඹ තවත් ස්ථාන කිහිපයක මාර්ග අවහිර වී තිබෙනවා. 

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු රැසක් මෙම විරෝධතා පාගමනට එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ජනතාවට සහන ලබාදෙන ලෙස බල කරමින් මෙම විරෝධතා පා ගමන සංවිධාන කර තිබෙනවා.