Monday, April 29, 2024

General line - 0115112241

අද සිට ගෑස් බෙදාහැරීම් අත්හිටුවයි




ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම මේ වනවිට නතර කර ඇති බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් පවසනවා. ඒ, ගෑස් තොග නොමැතිවීම හේතුවෙන්. මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති නෞකා දෙකට අදට දින 11 ක් ගත වනවා. 

එම නෞකාවල ඇති ගෑස් තොග නිදහස් කර ගැනීමට මෙතෙක් නොහැකිවී ඇත්තේ ඒවාට ගෙවිය යුතු නියමිත ඩොලර් ප්‍රමාණය නොගෙවීම හේතුවෙන්. එවන් පසුබිමක් තුළ එක් නෞකාවකට ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් 18,000 බැගින් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවනවා.

මේ අතර අද පෙරවරුවේ සිටම ගෑස් මිලදී ගැනීමට ජනතාව පෝලිම්වල රැදී සිටි බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. තමන්ට ගෑස් ලබාදෙන ලෙස බලකරමින් හෝමාගම නගරයේ ලිටේ්‍රා් ගෑස් අළෙවිසැල ඉදිරිපිට කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් ජනතාව අද පෙරවරුවේ විරෝධතාවක ද නිරත වුණා. ඒ, ඔවුන් රැගෙනවිත් තිබූ හිස් ගෑස් සිලින්ඩර් යොදා මාර්ගය අවහිර කරමින්.  

රට තුළ පවතින ගෑස් හිගය සම්බන්ධයෙන් විමසීම සඳහා අද පෙරවරුවේ අවස්ථා කිහිපයකදීම රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට නෙත් නිවුස් උත්සාහ කළා . එහෙත් එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුණා.