Monday, April 29, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිට හා කැනඩාවේ අගමැතිට, රුසියාව දොර වසයි




යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපතිවරයාට සහ එරට විදේශ කටයුතු අමාත්‍යවරයාට මෙන්ම රුසියානු ධනවතුන්ට එරෙහිව බටහිර හා යුරෝපානු රටවල් සම්බාධක පැනවීමට එරෙහිව රුසියාව ද ඔවුන්ට සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව රුසියාව විසින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට රුසියාවට ඇතුළුවීම තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, සී අයි ඒ ප්‍රධානී විලියම් බර්න්ස් ඇතුළු අමෙරිකාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 13  දෙනෙකුට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමටයි රුසියාව පියවර ගෙන ඇත්තේ. ඒ අතරට අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද අයත්. 

මේ අතර රුසියාව විසින් කැනඩාවේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් 33 දෙනෙකුට ද රුසියාව සිය රටට ඇතුළුවීම තහනම් කර ඇතැයි විදෙස් වාර්තා පැවසුවා. එලෙස තහනමට ලක්වූ පිරිස අතර කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ද වනවා.