Monday, April 29, 2024

General line - 0115112241

විදුලි උපකරණ භාවිත කිරීමේදී සැලකිලිමත් වෙන්න




විදුලිය කප්පාදු කරන මෙවන් කාලසීමාවකදී විදුලි උපකරණ භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ තවදුරටත් වැඩි සැලකිල්ලක් යොමු කරන ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

එහි අධ්‍යක්‍ෂ ජනරාල් සුලක්‍ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ විදුලි පරිභෝජනය වැඩි කාලසීමාව වන පස්වරු 6 යි 30 ත් රාත්‍රී 9 යි 30 ත් අතර කාලය තුලදී විදුලි උපකරණ භාවිත නොකරන ලෙසයි.

විදුලි උපකරණ මිලදී ගැනීමේදී ද වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

මේ අතර අද පස්වරුවේ ද කලාප කිහිපයක විදුලිය කප්පාදු කෙරෙනවා. 

ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළේ ඒ සිට එල් දක්වා කලාප වෙත පෙරවරු 8 ත් පස්වරු 6ත් දක්වා කාලය තුළ පැය 2 යි මිනිත්තු 30 ක කාලයක් විදුලිය විසන්ධි කරන බවයි.  එම කලාපවල සවස 6 ත් රාත්‍රී 11 ත් අතරතුර පැය 2 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති. ඊට අමතරව පී සිට ඩබ්ලිව් දක්වා කලාපවල අද පෙරවරු 8 යි 30 ත් පස්වරු 5 යි 30 ත් අතර කාලයේදී පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කරන බවයි 
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කළේ. 
එම කලාපවල සවස 5 යි 30 ත් රාත්‍රී 11 ත් අතර පැය දෙකයි මිනිත්තු 30 ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.