Monday, April 29, 2024

General line - 0115112241

ජිනීවා වාර්තාවේ කරුණු රැසක් ජගත් සංවිධානයේ මූලික නීතිවලට පටහැනි බව විදේශ ඇමති කියයි




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන කරුණු බහුතරයක් ජාත්‍යන්තරයට අදාළ නොවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය පිළිබද ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවයි අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

එම මාධ්‍ය හමුවට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිද එක්ව සිටියා.