Thursday, May 16, 2024

General line - 0115112241

මැදින් පුර පසළොස්වක පොහොය අද - නෙත් ශ්වේත පූජා බදුල්ල සිරිමල්ගොඩදී




මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ. ඒ පිළිබඳ කරුණු දැක්වූ නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූලමහා විහාරාධිපති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යන අංශයේ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය ගාල්ලේ ධම්මින්ද ස්වාමීන් වහන්සේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් ද මැදින් පුර පසළොස්වක පොහොය දිනයේ වැදගත්කම පිළිබඳ කරුණු දැක්වුවා.

මේ අතර මැදින් පුර පසළොස්වක පොහෝදා නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙන්නේ බදුල්ල සිරිමල්ගොඩ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේදීයි. එහි නවතම තොරතුරු දැනගැනීමට අපි දැන් සම්බන්ධ කර ගන්නවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.