Thursday, May 16, 2024

General line - 0115112241

මුදල් ඇමති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්




ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ රාත්‍රියේ ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් හමුවී තිබෙනවා. දෙරටේ ආර්ථික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ ඵලදායී සාකච්ඡාවක නිරතවූ බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිචාර දක්වන බවද ඉන්දිය විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්.

මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා ද හමුවී සාකච්ඡා පැවැත්වුවා.