Thursday, May 16, 2024

General line - 0115112241

පකිස්තානයේ අගනුවර ආරක්ෂාව තර කෙරේ




පවතින උණුසුම් දේශපාලන වාතාවරණය හේතුවෙන් පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් හි ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, අතිරේක හමුදා සාමාජිකයන් දහසක් පමණ ඉස්ලාමාබාදයේ ආරක්ෂාව වෙනුවෙන් කැදවා ඇති බවයි.

මේ මස අවසානයේ පකිස්තාන විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊට සමගාමීව , මාර්තු 23 වනදා ඉස්ලාමාබාද් අගනුවර කේන්ද්‍ර කරගෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමටයි පකිස්තාන විපක්ෂය සූදානම්වන්නේ.

විපක්ෂයේ මෙම විරෝධතාවන්ට එකටෙක කිරීමක් සහ අගමැති ඉම්රාන් ඛාන්ට සහය පළ කිරීමක් ලෙස මාර්තු 27 වනදා පාලක ටරෙක් ඊ ඉන්සාෆ් පක්ෂය විසින් ද ඉස්ලාමාබාද් අගනුවර දැවැන්ත රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර ඇති බව සදහන්.

මේ හේතුවෙන් මෙළෙස පකිස්තාන අගනුවර ආරක්ෂාව දැඩි කිරීමටත් ඒ සදහා අතිරේක හමුදා සහ පොලිස් බල ඇණි කැදවීමටත් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.