Friday, May 17, 2024

General line - 0115112241

දින 12ක් මුහුදේ තිබූ ගෑස් නැවක් ගොඩබායි




කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුවයි. 

නෞකා දෙකෙන් මෙරටට පළමුවෙන් ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය පළමුව ගොඩබෑම සිදුවනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. 

ලිට්‍රෝ සමාගම ඊයේ නිවේදනය කළේ ප්‍රමාණවත් ගෑස් තොග නොලැබීම හේතුවන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම අත්හිටුවන බවයි. එහෙත් නෞකාවේ ඇති ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය ගොඩ බෑමත් සමග දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සපයන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. 

ගෑස් නොලැබීම හේතුවෙන් ඊයේ මෙන්ම අද දිනයේද නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල මෙන්ම තවත් ක්ෂේත්‍ර රැසක කටයුතුවලට එල්ල වූයේ දැඩි බලපෑමක්. අදත් ගෑස් ලබා ගැනීමේ අරමුණින් බොහෝ පිරිස් පෝළිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබුණා.