Tuesday, May 7, 2024

General line - 0115112241

හොඳම නළුවාගෙන් කන අත ගා ගත් නිවේදකයා




2022 වසරේ Oscars සම්මාන උළෙල මේ වන විට සමාප්ත වී තිබෙනවා. එම සම්මාන උළෙල වෙනත් වසරවල් වලට වඩා විශේෂත්වයක් ගෙන දෙන තැනක් බවට පත්වුයේ කවුරුත් නොසිතු ලෙස සිදුවූ එක් සිදුවීමක් නිසයී.

ඒ, මෙම සම්මාන උළලේ නිවේදකයා ලෙස කටයුතු කළ ක්‍රිස් රොක් විසින් විල් ස්මිත් ගේ බිරිඳ සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත “G.I. Jane 2” චිත්‍රපටයේ නිළියගේ තට්ටයට සමාන කරමින් හාස්‍යයට ලක් කර සිටියා.

මෙම සිදුවීමත් සමග වේදිකාවට පැමිණි විල් ස්මිත් කවුරුත් නොසිතු ලෙස නිවේදක ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් එල්ල කර අතර තම බිරිදගේ නම නොකියන ලෙස තර්ජනාත්මක අයුරින් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වුවත් විල් ස්මිත් ගේ බිරිඳ වන Jada Pinkett Smith හට කොණ්ඩය යෑමේ රෝගයකින් පෙළෙන බවයි. 

මෙවර් Oscars 2022 සම්මාන උළලේ හොදම නළුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් හිමිකර ගනු ලැබූ අතර ඔහු සිය හැසිරීම් ගැන සියලු දෙනාගෙන් එහිදී සමාව අයැද සිටියා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි විහිළු නිසා සිය බිරිඳ තවත් මානසික පිඩනයට ලක්වන බවයි.