Thursday, May 2, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව අද රැස්වෙයි




පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වයට පාර්ලිමේන්තුව තුළ කෙටිකාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීම සඳහා විශේෂ රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ පස්වරුවේ පැවැත්වුණා. පක්ෂ නායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවල සාමාජිකයින් ඊට එක්ව සිටියා. 

පවතින අර්බුදයට දීර්ඝකාලීන විසඳුමක් වශයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත්, කෙටිකාලීනව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමට හැකි බවත්, පක්ෂ නායකයින් රැසක් එහිදී පෙන්වා දී තිබෙනවා. ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ඇතැම් සාධනීය ප්‍රතිපාදන බලාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ. ජනතාව අපේක්ෂා කරන ඇතැම් සාධනීය යෝජනා රැසක් ද එහිදී සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, විගණාකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති සංශෝධනය කිරීම, විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කළ හැකි පරිදි සංශෝධනය කිරීම, රාජ්‍ය කොන්ත්‍රාත් සඳහා ලන්සු කැඳවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබාගැනීම තහනම් කිරීම ඉන් කිහිපයක්. ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිධූරයට පත් කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.