Thursday, May 2, 2024

General line - 0115112241

අදත් ප්‍රදේශ රැසකට වැසි




සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. 

ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 35 ත් 45 ත් දක්වා වැඩි වියි හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.