Thursday, May 16, 2024

General line - 0115112241

රඹුක්කනට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ




රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද අළුයම 05 ට ඉවත් කෙරුණා. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පෙරේදා පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් සිවිල් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලැබුවා. 

ඉන් අනතුරුවයි නැවත දැනුම්දෙන තුරු රඹුක්කන පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළේ. 

තුවාල ලැබූවන්ගෙන් පුද්ගලයන් තිදෙනෙකු තවදුරටත් කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කෑගල්ල මහරෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී පැවසුවා.