Saturday, May 11, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ පිරිසකට පාප් වහන්සේගෙන් විශේෂ ආරාධනාවක්

ටී.කේ.ජී.කපිල




අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද දින උදෑසන ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු අද දින අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් දෝහා බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා. මෙම පිරිස එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිතය .

මීට අමතරව පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද , පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද , මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක්  කණ්ඩායමට ඇතුළත් වී සිටිය බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිරිස අද දින උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබු තර පසුව මෙම පිරිස ද එඑතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය.