Wednesday, May 8, 2024

General line - 0115112241

IMF ණය තාවකාලික විසඳුමක් පමණක් බව හිටපු විගණකාධිපතිවරයෙක් කියයි




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත්තද එය රටේ ආර්ථික තත්ත්වයට තාවකාලික විසදුමක් පමණක් බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා. 

බොහෝවිට එම අරමුදලෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 04 ක මුදලක් ලැබෙනු ඇති බවයි හිටපු විගණකාධිපතිවරයා පැවසුවේ. ඩොලර් උපයා ගැනීමට රට සතුව අවශ්‍ය සම්පත් තිබුණද දූෂිත දේශපාලන ක්‍රමය හේතුවෙන් ඒවා ඇහිරී ඇති බවද හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සඳහන් කළා.

ඉන්දියාවෙන් ණය ලබාගැනීම ඉතා භයානක බවයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් පැවසුවේ.