Friday, May 10, 2024

General line - 0115112241

මහජන ආරක්‍ෂක ඇමතිගේ නිවස ඉදිරිපිටත් විරෝධතා




මහජන ආරක්‍ෂක හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොල පිහිටි නිවස ඉදිරිපිටදී පිරිසක් අද විරෝධතාවයේ නිරත වුණා. ඒ, වත්මන් ආණ්ඩුවට එරෙහිව හා පාස්කු ප්‍රහාරයේ වින්දියන්ට සාධාරණය ඉටු කරන ලෙස බලකරමින්.  

උඩුගම්පොල ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිදුන්ගේ දේවස්ථානයේ සිට පාගමනින් හා රථ පෙළපාලියකින් මිනුවන්ගොඩ නගරය වෙත පැමිණි එම පිරිස අමාත්‍ය ප්‍රසන්න රණතුංගේ නිවස ඉදිරිපිට සිට සිය විරෝධය පළ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.