Friday, May 10, 2024

General line - 0115112241

අරගලකරුවන්ට ආරාධනා කිරීම නොව ආණ්ඩුව අරගලකරුවන් වෙත යායුතු බවට විද්වත් මතයක්




අරගලයේ නිරත පිරිස අරලියගහ මන්දිරයට කැදවීම නොව සිදුකළ යුත්තේ ආණ්ඩුව අරගලකරුවන් වෙත යාම බව ප්‍රියනාත් ජයසූරිය පවසනවා. 

ගොල්ෆේස් අරගල බිමේ නිරත විරෝධතාකරුවන්ගෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා දෙකකදීම ඉල්ලා සිටියේ තමන් සහ ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරය වෙත පැමිණෙන ලෙසයි. 

එහෙත් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙකුට අරගල භූමියට යනතෙක් ජනතාවගේ සැබෑ අරගලය යනු කුමක්දැයි වටහා ගත නොහැකි බවයි නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ.

ඉකුත් සමයේ දේශපාලනඥයින්ගේ නිවෙස් වට කර ඇතැම් පිරිස් විරෝධතාවල නිරත වුණා. එවන් තත්ත්වයක් මත දේශපාලනඥයින්ට ජනතාව ඉදිරිපිටට යා හැකිද? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.