Monday, May 13, 2024

General line - 0115112241

ඉන්ධන සීමා පැනවූ අම්පාරේ පිරවුම්හලට එරෙහිව පරීක්ෂණයක් (UPDATE)




ඉන්ධන ලබාදීමට සීමා පැනවූ අම්පාර ප්‍රදේශයේ පිරවුම්හල සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහ ඉන්ධන ලබා ගැනීමට එම පිරවුම්හලට ඊයේ දිනයේ ගිය අවස්ථාවේ එහි සේවකයෙකු පවසා තිබුණේ රුපියල් 5,000 ක මුදලකට පමණක් ඉන්ධන නිකුත් කරන බවයි. 

කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමණාකාර චමින්ද සමරකෝන් නෙත් නිවුස් වෙත පැවසුවේ ඉන්ධන ලබාදීම සඳහා මේ වන විට සීමාවන් පනවා නොමැති බවයි.

 අදාළ සිදුවීම සම්බන්ධයෙන් වහාම සොයා බැලීම සඳහා සිය ප්‍රාදේශීය කළමණාකාරවරයාට උපදෙස් ලබාදුන් බවද ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමණාකාර චමින්ද සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළා.

එම පිරවුම්හලේ සේවකයෙකු ඉන්ධන ලබාදීම සීමා කර ඇති බවට නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහට ප්‍රකාශ කළද ආරක්ෂක අමාත්‍යංශ්‍යයේ යැයි පවසා එම ස්ථානයට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කැබ් රථයකින් පැමිණි ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තා එම වාහනයට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ලබාගෙන තිබුණා.

ඒ පිළිබඳ ඉන්ධන පිරවුම්හලේ කළමණාකරවරයාගෙන් විමසූ අවස්ථාවේ ඉන්දික නලින් ජයවික්‍රම නමැත්තා නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදීයාට  තර්ජනය කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්නට මෙන්ම නැගෙනහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාටද නෙත් නිවුස් පැමිණිලි කිරීමට කටයුතු කළා. 

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් වාහනයකින් එම ස්ථානයට ගොස් නෙත් එෆ් එම් නිදහස් මාධ්‍යවේදී කසුන් තිවංක වික්‍රමසිංහට තර්ජනය කළ පුද්ගලයා සම්බන්ධයෙන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ද අවධානය යොමුවී තිබෙනවා. ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තමන්ද පොලීසියට දැනුම් දෙන බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළේ.

සබැඳි පුවත් :

නෙත් එෆ් එම් මාධ්‍යවේදියාට තර්ජනය කළ පුද්ගලයා ගැන ඇමති රමේෂ් දැඩි තීරණයක