Friday, May 17, 2024

General line - 0115112241

ජනපතිගේ සාකච්ඡාවට එජාපය බෑ කියයි - සජබය හා ජවිපෙ තීරණය පසුවට




සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා සාකච්ඡා කිරීමට එක් වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එකඟ නොවන බවයි.    

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකඟ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබුණා. ඒ සදහා එකතු වන ලෙසත් ඒ පිළිබද සාකච්ඡා කිරීමට හෙට පැවැත්වෙන විශේෂ හමුවට සහභාගී වන ලෙසත් ජනාධිපතිවරයා එම ලිපියෙන් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගය පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක. 

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ සිය පක්ෂය ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි. 

මේ අතර ස්වාධීන මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ සදහන් කළේ.