Monday, April 29, 2024

General line - 0115112241

වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව අනුර කියයි




සෙසු පක්ෂ සහය ලබා දෙන්නේ නම් සිය පක්ෂය වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. එසේ නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ සිට සිය පක්ෂය සහය ලබා දෙන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ.   

වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින් මාස 06ක් තුළ මැතිවරණයක් පවත්වා නව රජයක් පිහිටවිය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මේ අතර අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා එම ධූරය භාර ගනු ලබන්නේ ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉවත් වන්නේ නම් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඉන් අනතුරුව තානාපතිවරුන් සමඟ සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ. එම සාකච්ඡාවෙන් අනතුරුව යළිත් සාකච්ඡා කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇති බවයි වැඩිදුරටත් වර්තා වුණේ.