Monday, April 29, 2024

General line - 0115112241

උදෑසන 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ




දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කෙරෙනවා. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවෙනවා. 

ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර ලැබෙන්නේ නැහැ. ඉකුත් 9 වනදා පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහායි මෙලෙස ඇදිරි නීතිය පනවා ඇත්තේ. 

මේ අතර එම සිද්ධීන්ට සම්බන්ධ සියළු පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සියලු පාර්ශවවලට මේ වනවිටත් උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මැර කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩ කණ්ඩායම් විසින් සිදු කරන රථ වාහන සෝදිසි කිරීම්, රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම, කොල්ලකෑම් සහ පහරදීම් වැනි සිද්ධීන් වැළැක්වීමට අවශ්‍ය බලය යොදන ලෙසත් අවශ්‍ය විටෙක වෙඩි බලය පාවිච්චි කිරීමටත් ත්‍රිවිධ හමුදාවටම උපදෙස් දී ඇති බවයි.