Saturday, May 18, 2024

General line - 0115112241

ඇදිරිනීතිය ඉවත් වූ සැනින් ඉන්ධන ගන්න දිගු පෝළිම්




දින කිහිපයකට පසු ඇදිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බොහෝ නගර අද පෙරවරුවේ ජනතාවගෙන් පිරී පැවතුණා. ඒ, දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද උදෑසන 07ට ඉවත් කිරීමත් සමඟයි. කෙසේවෙතත් පොදු ප්‍රවාහන සේවා අද ක්‍රියාත්මක වූයේ සීමා සහිතවයි. පෞද්ගලික බස් රථ කෙටි ගමන් සේවා සදහා පමණක් සීමා කර තිබුණා. දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් අද ධාවනය වූ බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ. 

පනවා තිබු ඇදිරි නීතිය ලිහිල් කිරිමත් සමඟ බොහෝ නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල්, පෙට්‍රල් සහ භුමිතෙල් ලබා ගැනීමට පාරිභෝගිකයන්ගේ දිගු පෝලිම් දක්නට ලැබුණා. අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළදී ගැනීමටත් වඩා ජනතාව දැඩි උනන්දුවක් දැක්වූවේ ඉන්ධන ලබා ගැනීමට බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

අද උදෑසන 7ට ඇදිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු රටේ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට නෙත් නිවුස් නගර රැසකම සංචාරය කළා. මේ, මාතර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද. 

උතුරේ තත්ත්වය පිළිබඳ මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්.

මේ, කන්ද උඩරට තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු හේරත් ඒකනායක. 

කඳුකරයේ තත්ත්වය සම්බන්ධයෙන්ද නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශගෙන්. 

කොළඹ නගරයේ තත්ත්වය කෙසේදැයි සොයා බැලීම සදහා නෙත් නිවුස් කණ්ඩායමක් අද සංචාරයක නිරත වුණා. අප සම්බන්ධ කර ගන්නවා නෙත් නිවුස් කණ්ඩායමේ මාණ්ඩලික වාර්තාකරු සප්නා කාවින්දි.
ආයුබෝවන් සප්නා.


පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා යළිත් ඇදිරිනීතිය පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.