Saturday, May 18, 2024

General line - 0115112241

ගෑස් ඉල්ලා විරෝධතාවක් - කොළඹ මීගමුව මාර්ගය මහබාගෙන් අවහිර වෙයි




අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, එම සමාගම සතුව ගෑස් තොග නොමැතිවීම හේතුවෙන්. මේ වන විට සිය සමාගම සතුව පවතින්නේ ගෑස් සිලින්ඩර් 2,000 කට පමණ අදාළ තොග පමණක් බවයි එම සමාගමේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ. ඒවා අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිකුත් කෙරෙනවා.

මේ අතර කොළඹ ප්‍රදේශයේ ගෑස් හිඟය හමුවේ ඉදිරියේදී විධිමත් ලෙස සහ අත්‍යවශ්‍ය සේවා සඳහා බෙදා හැරීම් සිදු කිරීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඊට දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වන බවයි ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මහබාගේ මංසන්ධිය ආසන්නයේ අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් ඇති වුණා.