Saturday, May 18, 2024

General line - 0115112241

සුසිල්ට සහ අනුර ප්‍රියදර්ශනටත් ඇමති ධුර




තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මෙලෙස දිවුරුම්දීමට නියමිත බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුලු තවත් පිරිසක් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වුණා.

මේ අතර ඊයේ දිනයේද අමාත්‍යවරුන් සිව් දෙනෙකු දිවුරුම්දුන්නා. දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසද, ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා. ප්‍රසන්න රණතුංග දිවුරුම් දුන්නේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයා ලෙසයි. කාංචන විජේසේකර විදුලි හා බලශක්ති ‬අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

මේ අතර මුදල් අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.