Saturday, May 18, 2024

General line - 0115112241

වසර තුනකට පසු මෙරට වෙසක් සමරන සැදැහැවතුන්ගෙන් ප්‍රධාන සිද්ධස්ථාන පිරී යයි

ඒම කේ නන්දසේන / සැම්සන් ප්‍රේමසිරි / පර්සි කුරුනේරු / හේරත් ඒකනායක




සම්බුදු තෙමඟුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත්, සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. 

උතුම් වූ ත්‍රෛමංගල්‍යය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන වෛශාක්‍ය පුණ්‍ය මංගල්‍යය මෙවර ඓතිහාසික කූරගල පුදබිමේදී පැවැත්වෙනවා. යලි ගොඩනැගූ කූරගල පිංබිම සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය ද අද සිදු කෙරෙනවා. ඒ පිළිබද තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා ඓතිහාසික කූරගල පුදබිමේ රැදී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්. 

ආයුබෝවන් සමීර


මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර තිබෙනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිදුන් වැඳ පුදාගැනීම සඳහා අද උදෑසන සිට විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටින බවයි නෙත් නිවුස් මහනුවර වාර්තාකරු හේරත් ඒකනායක පැවසුවේ.

අනුරාධපුර පූජා භූමියටද පිංකම් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට අද දිනයේ විශාල බැතිමතුන් පිරිසක් පැමිණ ඇති බවයි නෙත් නිවුස් අනුරාධපුර වාර්තාකරු පර්සි කුරුනේරු සඳහන් කළේ.

මේ, කලුතර ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි.

අද දිනයේ කතරගම පූජා භූමිය ද සැදැහැවතුන්ගෙන් පිරී ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු එම් කේ නන්දසේන පැවසුවේ.