Friday, May 17, 2024

General line - 0115112241

මීටර් 200 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව යුපුන් අබේකොන්ගේ නමට




මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වා3⁄4තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ සමත්වුණා.

ඒ ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර් 200 ඉසව්ව තත්පර 20.37කින් නිමා කරමින්.

ඉන්දියාවේ අම්ලන් බෝර්ගොහයින් විසින් පිහිටුවා තිබූ තත්පර 20.52ක දකුණු ආසියානු වාර්තාව යුපුන් අබේකෝන්‍ විසින් එලෙස බිඳ දමනු ලැබුවා.

2018 වසරේ විනෝජ් සුරංජය තත්පර 20.68ක කාලයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවද යුපුන් අබේකෝන්ගේ එම දක්ෂතාවත් සමඟ බිඳ වැටුනා.
 

මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවටද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන්. එම ඉසව්වේ තත්පර 10.15ක දක්ෂතාවක් වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබෙනවා.