Sunday, April 28, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස්ව හදිසියේ රෝහල් ගත කරයි




කුසල් මෙන්ඩිස් හදිසියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ, බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතර වාරයේදී ඔහුට හදිසියේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.
 
ක්‍රීඩා පිටියේ පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් ගේ පපුව ආශ්‍රිතව ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහු එලෙස ඩකා හි පිහිටි රෝහලක් වෙත ඇතුලත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බලධාරින් සැකපළ කරන්නේ කුසල් මෙන්ඩිස් ගේ පපුව ආශ්‍රීත මාංශ පේශීන් හී වේදනාවක් ඇතිවන්නට ඇති බවයි.

වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව කුසල් මෙන්ඩිස් ගේ ඉදිරි සෞඛ්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබා දෙන බවයි ක්‍රිකට් බලධාරීන් සඳහන් කරන්නේ.