Thursday, May 16, 2024

General line - 0115112241

සිකුරාදා යාඥාවේ දී තලේබාන් නායකයාගේ නම කීම අනිවාර්ය කෙරේ




ඇඝ්ගානි  සභා ඉස්ලාම් දේවස්ථානවල පූජකවරැන්ට සිකුරාදා යාඥා දේශනයේ දී තලේබාන් නායක මුල්ලා හිබතුල්ලා අඛුන්ද්සාද්ගේ නම සඳහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

 තලෙයිබාන් හජ්, ඉස්ලාමීය කටයුතු සහ පරිත්‍යාග අධ්‍යක්ෂවරයා විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පූජකවරුන් එම නියෝගය කඩ කළහොත්, ඔවුන්ට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට තලේබාන් තොරතුරු හා සංස්කෘතික අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් අනතුරු අඟවා ඇති බව ද සදහන්.

තලේබාන් සංවිධානය ඔවුන්ගේ මාස නවයක පාලන කාලය තුළ සමාජයේ විවිධ කොටස්වලට, විශේෂයෙන් කාන්තාවන්ට එරෙහිව තර්ජනාත්මක අනතුරු ඇඟවීම් සමඟ අනිවාර්ය නියෝග රුසක් නිකුත් කර තිබෙනවා.

හිජාබය අනිවාර්ය කිරීම, ගැහැණු ළමයින් අධ්‍යාපනයට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම, මාධ්‍යවේදීන්ට වධහිංසා පැමිණවීම සහ හිටපු සොල්දාදුවන් බිය ගැන්වීම තලේබාන්වරුන්ගේ ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයට බාධාවක් වී ඇති කරැණු අතර කැපී පෙනෙන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.