Monday, May 6, 2024

General line - 0115112241

පරිසර විනාශය ඉහළ යාමෙන් මෙරට වී වගාව අනතුරක




ලෝක පරිසර දිනය අදයි. කාලගුණ විපර්යාස ඇතුළු පාරිසරික ගැටළු පිළිබඳ ලොව රටවල් බොහෝමයක් කථාබහ කරමින් සිටින පසුබිමක් තුළ පරිසර විනාශය හේතුවෙන් මෙරටට එල්ල වී ඇත්තේ ද දැඩි බලපෑමක්. පරිසර පද්ධති වේගයෙන් විනාශ වෙමින් ඇති රටවල් 34 අතරට ශ්‍රී ලංකාව ද මේවනවිට ඇතුළත් වී තිබෙනවා. 

මෙරට පරිසර විනාශය කෙතරම් ප්‍රබල ද යන්න පෙන්වා දෙමින් පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය පැවසුවේ ලොව ජල සුරක්ෂිතතාව ඉතාමත් ඉක්මනින් අහිමිවන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇති බවයි. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්. 

පරිසර විනාශය හමුවේ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමේ බලපෑම හේතුවෙන් වී ගොවිතැනට ද දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි මෙහිදී අනාවරණ කෙරුණේ.

පරිසරය ආරක්ෂා කිරීමෙන් තොරව රටක ආර්ථිකය ගොඩනැගීමට නොහැකි බැවින් මෙරට පරිසරය පද්ධතිය ආරක්ෂා කිරීමට එක්වන ලෙසට සියළු පාර්ශවවලින් ඉල්ලීමක් කරන බව ද පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සඳහන් කළා.    

කෙසේවෙතත් පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජාවාරම්කරුවන් මහා පරිමාණ වන විනාශයන් මේවනවිට තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් ගෑස් අර්බුදය හේතුවෙන් දර ඉල්ලුම ඉහළ යාමත් සමග කුඩා ලඳු කැලෑ ඇතුළු මෙරට පරිසර පද්ධතිය විනාශ වීම ඉහළ ගොස් තිබෙනවා. එබැවින් පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට නම් පවතින ගෑස් අර්බුදයට සාර්ථක හා ඉක්මන් විසඳුමක් ගෙන ඒම වැදගත් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.