Monday, May 6, 2024

General line - 0115112241

ප්‍රවින රංගන ශිල්පිනී සුමනා අමරසිංහ අභාවප්‍රාප්ත වෙයි




ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට සුමනා අමරසිංහ මහත්මිය 74 වන වියෙහි පසුවුණා.  

කලක් රෝගාතුරව සිටි ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මියගිය බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

සුමනා අමරසිංහ මහත්මිය මෙරට සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක්. ඇය විවාහ වී සිටියේ මෙරට ප්‍රවීන රංගන ශිල්පියෙකු හා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ රෝයි ද සිල්වා මහතා සමගයි.