Thursday, May 16, 2024

General line - 0115112241

චීනයේ ආර්ථිකයත් වැටෙයි- කෙළින් කරන්න ඩොලර් බිලියන 120 ක්




කොරෝනා වෛරස අගුලු දැමීමෙන් බිද වැටුණු  ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා යටිතල පහසුකම් ව්‍යාපෘති නැංවීම වෙනුවෙන් යුවාන් බිලියන 800 ක (ඇමරිකානු ඩොලර් බිලියන 119.6) ණය සැපයීමක් සිදුකරන ලෙස චීනය එරට රාජ්‍ය  ප්‍රතිපත්ති බැංකුවලට නියෝග කර තිබෙනවා.

මෙමගින්  මේ වසරේ දී සැලකිය යුතු ලෙස යටිතල පහසුකම් නැංවීම සදහා මුදල් වැයකර ආර්ථික වර්ධන වේගය ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව සදහන්.

චීනයේ යටිතල පහසුකම් වියදම් 2021 දී යුවාන් ට්‍රිලියන 23 (US$ ට්‍රිලියන 3.4) ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණත් එම වියදම වැය නොකළ බවයි පැවසෙන්නේ. 

මේ වසරේ අප්‍රේල් මාසයේදී පවා ආර්ථික ක්‍රියාකාරකම් පහළ යාම සහ විරැකියාව තියුනු ලෙස ඉහළ ගිය බව නිල දත්ත පෙන්වා දීමෙන් පසු ආයෝජන ප්‍රතිපත්ති වේගයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා චීනයේ  අවධානට යොමුව ඇති බව සදහන්. 

මේ අනුව මේ වසරේ යටිතල පහසුකම් ආයෝජන වර්ධනය සියයට 10 දක්වා ඉහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් ඇස්තමේන්තු කර තිබෙනවා.

කෙසේවෙතත්,   කොරෝනා වෛරසය ආශ්‍රිත අවිනිශ්චිතතාවය තවමත් ආර්ථිකයට අවදානම් ගෙන දෙන බවයි එරට වාර්තාවල වැඩිදුරටත් සදහන් වන්නේ.