Monday, April 29, 2024

General line - 0115112241

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් බැසිල් හෙට ඉල්ලා අස්වනු ලකුණු




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හෙට දිනයේ බොහෝවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

බැසිල් රාජපක්‍ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව නෙත් නිවුස් අද උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සහ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවෙන් පළමු වරට අනාවරණ කළා. ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බවයි නෙත් නිවුස් අනාවරණ කළේ.

කෙසේවෙතත් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් දේශපාලන කටයුතු සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද අනාවරණ වුණා.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හෙට පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 11 ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදීයි එම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ. එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉවත් වන බවට බැසිල් රාජපක්‍ෂ ප්‍රකාශ කරුණු ඇති එම පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කළේ.