Monday, April 29, 2024

General line - 0115112241

අද ගෑස් බෙදා නොහරින බව ලිට්‍රෝ සමාගම කියයි




අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් ඊයේ මෙරටට පැමිණි බවයි. එහෙත් ඊට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක හිඟ මුදල අද දිනයේ ගෙවීමට අපේක්ෂා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවා. මෙම නෞකාවේ ගෑස් දින 6ක කාලයක් සඳහා ප්‍රමාණවත් වනවා. 

කෙසේවෙතත් ගෑස් ලබා ගැනීමේ අරමුණින් ඊයේ දිනයේද ප්‍රදේශ රැසක දිගු පෝලිම් දක්නට ලැබුණා. ගෑස් හිඟය හේතුවෙන් විකල්පයක් ලෙස භූමිතෙල් ලබාගැනීම සඳහා කෝට්ටේ නාග විහාරය අසල පිරවුම්හලේ පෝලිමේ සිටි ජනතාව ද ඊයේ උද්ඝෝෂණයක නිරත වීමත් සමඟ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද එල්ලවූයේ දැඩි බලපෑමක්.

මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා ද තවදුරටත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතිනවා. වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ දිගු ඩීසල් පෝලිම්. කෙසේවෙතත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ දෛනික පිරවුම්හල් වෙත නිකුත් කරන පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණය ඊයේ සිට ඉහළ නැංවීමට කටයුතු කළ බවයි. එහෙත් අද අලුයමත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ඇති අයුරු නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණා.