Monday, April 29, 2024

General line - 0115112241

සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගන්න - ජනපති කියයි




සංචාරකයන් ගෙන්වා ගැනීමට නව ප්‍රවේශ හඳුනාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සංචාරක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාව අද (10) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.

සංචාරක ව්‍යාපාරයට සෘජු හා වක්‍ර සම්බන්ධ පිරිස මිලියන 4ක් ඉක්මවති. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙමින් තිබිය දී උද්ගත වූ අර්බුද හේතුවෙන් නැවත පසුබෑමකට ලක් විය. ජාතික ආර්ථිකයට සේම විශාල පිරිසකගේ රැකියා සුරක්ෂිතතාවට බලපාන වැදගත් අංශයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය කඩිනම්ව නගාසිටුවිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියේ.

රට පිළිබඳ වැරදි මත ප්‍රචාර, තානාපති කාර්යාල මගින් නිවැරදි කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබුවා.

සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලුවට පිළියම් සලසන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබුවා. මහා, මධ්‍ය හා සුළු පරිමාණ හෝටල් කර්මාන්තකරුවන් මුහුණපා සිටින ගෑස් හිඟයට පිළියම් සෙවීමේ අවශ්‍යතාවය ද නිලධාරීහු පෙන්වා දුන්නේ.

සිනමා කෘති රූගත කිරීමේ දර්ශනතල ආකර්ෂණීය ලෙස ලොව පුරා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ අවධානයක් සංචාරක ක්ෂේත්‍රයට ලබාගත හැකි බව ද සාකච්ඡා කෙරුණා.