Thursday, May 9, 2024

General line - 0115112241

අනුරාධපුරයට යන්න අද සිට විශේෂ දුම්රිය සේවා




පොසොන් පොහොය නිමිත්තෙන් අද සිට අනුරාධපුරයට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා. ඒ අනුව අද දහවල් 12යි 40ට සහ රාත්‍රී 09ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා දුම්රිය දෙකක් ධාවනය කෙරෙනවා. හෙට දිනයේ ද කොළඹ කොටුවේ සිට දුම්රිය පහක් අනුරාධපුරය දක්වා ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 

එම දුම්රිය අළුයම 03යි 30, දහවල් 12යි 40, පස්වරු 04යි 40, පස්වරු 06 සහ රාත්‍රී 09ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වනවා. ඊට අමතරව කොළඹ කොටුව - කන්කසන්තුරය සහ කොළඹ කොටුව - අනුරාධපුරය දක්වා දෛනිකව ධාවනය කෙරෙන දුම්රියද ක්‍රියාත්මක බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මගීන්ගේ පැමිණීම අනුව අනුරාධපුර සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ධාවනයට පියවර ගන්නා බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.