Monday, April 29, 2024

General line - 0115112241

මොණරාගල සිදුවන මහා පරිමානයේ ඉඩම් මංකොල්ලයක් ගැන හෙළිදරව්වක්




මොණරාගල දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩම් අක්කර පනස්දහසක පමණ ප්‍රමාණයක් සංවිධානාත්මක පිරිසක් විසින් අත්පත් කරගෙන ඇති බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසනවා. 

ඒ යටතේ වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම්ද දේශපාලඥයින්ගේ අනුදැනුම මත ඔවුන්ගේ හිතවතුන් විසින් අල්ලාගෙන ඇති බවයි එම සංවිධානයෙන් කැඳවුම්කරු ජයන්ත විජේසිංහ පැවසුවේ. 

එම සිදුවීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාල බලධාරීන් දැනුවත් කළද ඊට මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ වැඩි දුරටත් සදහන් කළේ. 

වනජීවී හා වන  සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීරද මීට පෙර පොලීසියට උපදෙස් ලබා දුන්නේ කැබිලිත්ත රක්ෂිතයේ වන විනාශයන් සිදු කරන සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන නිසයි.