Saturday, May 11, 2024

General line - 0115112241

දෙවන දිනය අවසානයේදී ඔස්ට්‍රේලියාව වැඩි වාසි අත්කර ගනියි




ශ්‍රී ලංකාව සමඟ පැවරත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ඕස්ට්‍රේලියාකණ්ඩායම දිනය නිමාවන විට කඬුලු 08 ක් දැවී ලකුණු 313 ක් රැස්කරගෙන සිටියා. අයහපත් කාලගුණය හේතුවෙන් තරඟය අද පෙරවරුවේ නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වුණා. ඒ අනුව තරඟය ආරම්භ වූයේ පස්වරු 01යි 45ටයි. 

තරඟය ආරම්භ වී පළමු පන්දුවාරයේදී කඩුල්ලක් දාව ගැනීමට ධනංජය සිල්වා සමත් වුණා.ලකුණු 06 ක් ලබා සිටි ට්‍රැවිස් හෙඩ් එලෙස දවා ගත්තා. කැමරන් ග්‍රීන් ලකුණු 77 යි.  පැට් කමින්ස් ලකුණු 26 ක් සහ නේතන් ලයන් ලකුණු 08 ක් රැස්කරගනිම්න නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේදී රමේෂ් මෙන්ඩිස් කඩුලු 04 ක් සහ  ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 02 ක් ද දවාගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 212 ක් පමණයි. ඒ අනුව අද දිනය නිමාවන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවත් කඩුලු 02 ක් ඇතැතිව ලකුණු 101 ක් ඉදිරියෙන් සිටිනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය හෙටයි.