Thursday, May 9, 2024

General line - 0115112241

ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා උළෙලේ මීටර් 100 මූලික තරඟයකදී ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට සිව්වන තැන




ස්ටොක්හෝම් ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වේ සිව්වන ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත්වුණා. ඒ සඳහා ඔහුට ගතවූ කාලය තත්ත්පර 10.21ක්. 

මේ අතර යුපුන් අබේකෝන් , ඔරිගන් හිදී ආරම්භ වීමට නියමිත ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා ද සුදුසුකම් ලබා සිටිනවා. ඒ, සුදුසුකම් සපුරමින් ලෝක ශූරතාවලියක් සඳහා සහභාගී වන පළමු දකුණු ආසියානු කෙටි දුර ධාවකයා ලෙසයි.